කොවිඩ් සමයේ ඔස්ට්‍රේලියාවේ දරු උපත් ඉහළට

කොවිඩ් වසංගතය හමුවේ දේශ සීමා වසා දැමීම ආරම්භ කල 2020 වසරෙන් පසු එළඹි 2021 වසරේදී ඔස්ට්‍රේලියාව තුළ සිදුවු දරු උපත් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

2021 වසරේදී බිළිඳු දරුවන් 315,705 දෙනෙකු උපත ලබා ඇති අතර එය 2020 වසරට වඩා උපත් 20,000 ක පමණ ඉහළයාමක් වනවා.

2020 වසරේදී කාන්තාවන් 1,000 කට දරු උපත් 56 ක් පමණ සිදුවී ඇති අතර 2021 වසරේදී එය කාන්තාවන් 1,000 කට 61 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණ පවසන්නේ.

මේ අතර සිය පළමු දරු උපත සිදුකරන ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ සාමාන්‍ය වයස 2011 වසරේදී අවුරුදු 28 ක් ලෙස පැවති නමුත් 2021 දී එය 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ගර්භණී සමයේදී දුම්පානය කරන ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ ප්‍රතිශතය සැළකිය යුතු අගයකින් පහළ ගොස් තිබෙනවා.

සෑම වයස් කාණ්ඩයකම එය දැකගත හැකි නමුත් වයස 20 ට අඩු ගර්භණී කාන්තාවන් අතුරින් සියයට 33 ක් පමණ තවමත් දුම්පානය කරන බව සඳහන්.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »