ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කොටස් ගොඩබිමට

අත්ලන්තික් සාගර පතුලේ පවතින ටයිටැනික් නෞකාවේ සුන්බුන් ආසන්නයේදී විනාශවී ගිය ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කොටස් ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.

සබ්මැරීනයේ සුන්බුන් අතර තිබී මිනිස් ශරීර කොටස් කිහිපයක් සොයාගෙන ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අමෙරිකානු වෛද්‍ය පර්යේෂකයින් පිරිසක් විසින් ඒ පිළිබඳ විධිමත් විශ්ලේෂණයක් ඉදිරියේදී සිදුකරනු ඇති බවයි අමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගිය පස් දෙනෙකු ටයිටන් සබ්මැරීනය පුපුරා විනාශවීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය සතියේදීයි.

ඔවුන් එම ගමන සඳහා එක් අයෙකු වැයකර තිබූ මුදල අමෙරිකානු ඩොලර් 250,000 ක්.

අතීතයේ ගංජා භාවිතකල බව වික්ටෝරියා අගමැතිනී පිළිගනී

තමන් අතීතයේදී ගංජා භාවිතයට පෙළඹී සිටි බවට වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් සහ භාණ්ඩාගාරික ටිම් පලස් විසින් පිළිගෙන තිබෙනවා.

Read More »

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »