මෙඩිබෑන්ක් සහ HBF රක්ෂණ හිමියන්ට වැදගත් දැනුම්දීමක්

සිය ලාභයෙන් තවත් ඩොලර් මිලියන 126 ක මුදලක් ගණුදෙනුකරුවන් වෙත ලබාදීමට මෙඩිබෑන්ක් රක්ෂණ සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් විසින් ලබාගෙන ඇති රක්ෂණ සැළසුම අනුව ඩොලර් 19 ත් 402 ත් අතර මුදලක් ලබන ඔක්තෝබර් මාසය වනවිට බැංකු ගිණුම වෙත බැර කිරීමට නියමිතයි.

මෙම වසරේ ජනවාරි 01 වනදාත් ජූනි 30 වනදාත් අතර කාලයේ සක්‍රීය රෝහල් රක්ෂණ සැළසුමක් පවත්වාගෙන ගිය පාරිභෝගිකයන්ට මෙම අවස්ථාව උදාවනවා.

එලෙස දැනට ඔවුන් විසින් පිරිනමා ඇති සමස්ත මුදල ඩොලර් බිලියන 1.5 ක්.

මේ අතර සිය ලාභයෙන් තවත් ඩොලර් මිලියන 110 ක මුදලක් ගණුදෙනුකරුවන් වෙත ලබාදීමට HBF රක්ෂණ සමාගමද තීරණය කර තිබෙනවා.

මෙම වසරේ මාර්තු- 01 වනදා වනවිට සක්‍රීය රෝහල් රක්ෂණ සැළසුමක් පවත්වාගෙන ගිය පාරිභෝගිකයන්ට ඩොලර් 45 ත් 330 ත් අතර මුදලක් ලබාගැනීමට මෙම අවස්ථාව උදාවනවා.

කොවිඩ් වසංගත සමයේ උපයන ලද අමතර ලාභය ගණුදෙනුකරුවන්ට ලබාදීමේ වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙන බවයි මෙඩිබෑන්ක් – HBF රක්ෂණ සමාගම් නිවේදනය කලේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »