වික්ටෝරියා වෙළඳසැල්වල හතු විශේෂයක් ආපසු කැඳවයි

බැක්ටීරියා ආසාධන අවධානමක් හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ආසියානු වෙළඳසැල්වල අලෙවි කරන හතු විශේෂයක් ආපසු කැඳවා තිබෙනවා.

චීනයේ නිෂ්පාදනය කරන ලද (Enoki) ඉනොකි නම් බිම්මල් විශේෂයයි මෙලෙස ආපසු කැඳවා ඇත්තේ.

එහි කල් ඉකුත් වීමේ දිනය ලෙස ජූලි 20 වනදා සටහන්වී ඇතත් එතරම් දිගු දින වකවානුවක් එය තබා ගත නොහැකි බවයි පැවසෙන්නේ.

එබැවින් ලිස්ටීරියා නම් බැක්ටීරියාව වර්ධනය වීමේ අවධානම සැලකිල්ලට ගෙනයි මෙම හතු විශේෂය ආපසු කැඳවා ඇත්තේ.

කිසියම් අයෙකු මෙම නිෂ්පාදනය මිළදී ගෙන ඇති නම් වහා ආපසු භාර දෙන ලෙසටද ඉල්ලීමක් කෙරෙනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »