NSW හිටපු අගමැතිනියට බරපතල දූෂණ අක්‍රමිකතා චෝදනා රැසක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත හිටපු අගමැතිනිය බරපතල දූෂණ අක්‍රමිකතා චෝදනා රැසකට වගකිව යුතු බවට ඇය සම්බන්ධයෙන් සෙවීමට පත්කල කොමිසම නිගමනය කර තිබෙනවා.

ඇය සහ හිටපු ලිබරල් මන්ත්‍රීවරයෙකු අතර ප්‍රේම සබඳතාවයක් පැවති 2016 – 2017 කාල වකවානුවේ මෙම අක්‍රමිකතා සිදුවී ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

නිවු සවුත් වේල්ස් අගමැතිනිය ලෙස අයථා මූල්‍ය ගණුදෙනු රැසකට සිය බලය භාවිත කර මැදිහත්වූ බවයි ස්වාධීන විමර්ශන කොමිසම විසින් අද නිකුත් කල වාර්තාවේ දැක්වෙන්නේ.

හිටපු අගමැතිනිය සම්බන්ධයෙන් ගත යුතු නිර්දේශ 18 ක් මෙම වාර්තාවට ඇතුළත් වන අතර නීතිමය පියවර ගැනීමක් සිදුවේ දැයි මෙතෙක් තහවුරු වී නැහැ.

තමාට එල්ල වූ දූෂණ අක්‍රමිකතා චෝදනා හමුවේ නිවු සවුත් වේල්ස් හිටපු අගමැතිනිය එම ධුරයෙන් ඉල්ලා අස්වූයේ මීට වසර 02 කට ඉහතදීයි.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »