කාර්මික දෝෂයක් නිසා ශ්‍රී ලන්කන් යානයක් පැය 02 කට පසු යළි කටුනායකට

කටුනායක ගුවන් තොටුපොළෙන් ජපානයේ නරිටා බලා පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ කාර්මික දෝෂයක් හටගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී 08.10 ට පමණ කොළඹින් පිටත්වු UL 454 අංක දරන මෙම යානය ටෝකියෝ වේලාවෙන් අද පෙරවරු 08.10 ට ගොඩබැස්වීමටයි නියමිත වූයේ.

කෙසේවෙතත් ගුවන් යානය ගුවන්ගතවී පැය 02 කට පමණ පසු එය යළි කොළඹට ගොඩබස්වා තිබෙනවා.

ඒ වනවිටත් එය සැළකිය යුතු වේලාවක් කුරුණෑගලට ඉහළ අහසේ එකම ස්ථානය වටා ගමන් කරවා ඇති බවද සඳහන්.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ආශ්‍රිත ප්‍රමාදවීම් – අවලංගු කිරීම් සහ කාර්මික දෝෂ ගණනාවක් මෑතකාලීනව වාර්තා වුණා.

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »