Search

දකුණු ඕස්ට්‍රේලියානු වැසියන් සඳහා අනෙකුත් ප්‍රාන්ත වලින් පනවා ඇති නවතම දේශ සීමා නීති මෙසේය​.

දකුණු ඕස්ට්‍රේලියානු වැසියන් සඳහා අනෙකුත් ප්‍රාන්ත වලින් පනවා ඇති නවතම දේශ සීමා නීති මෙසේය​.

QLD, NT, Tasmania and WA borders now shut to SA.

ඇඩිලේඩ් හි උතුරු තදාසන්න ප්‍රදේශවල වර්ධනය වන COVID-19 පොකුර හේතුවෙන් දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියන් සඳහා අනෙකුත් ප්‍රාන්ත දේශ සීමා පිළිබඳ විවිධ වෙනස්කම් සිදු කර ඇත​.  එක් එක් ප්‍රාන්තයන් ගත් පියවරයන් මෙසේය​.

දකුණු ඕස්ට්‍රේලියාවෙන් පැමිණෙන සංචාරකයින් හට තම දේශ සීමාවන් වසා දැමූ නවතම රාජ්‍යය බවට ක්වීන්ස්ලන්තය පත්ව තිබේ. සඳුදා රාත්‍රී 11.50 සිට ඇඩිලේඩ් COVID-19 hotspot එකක් ලෙස සලකන බව ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍ය Annastacia Palaszczuk ප්‍රකාශ කර තිබේ.

දකුණු ඕස්ට්‍රේලියාවේ සිට උතුරු ප්‍රාන්තය (NT) වෙත පැමිණෙන අය පැමිණීමෙන් පසු සති දෙකක කාලයක් අධීක්ෂණ ස්ථානයක ස්වයං හුදෙකලා විය යුතුය.

ටස්මේනියාව දකුණු ඕස්ට්‍රේලියාවෙන් පැමිණෙන අයට අනිවාර්ය නිරෝධායනයක් ද පනවා තිබේ. පසුගිය සඳුදා සිට දකුණු ඕස්ට්‍රේලියාවේ සිට ටස්මේනියාවට ඇතුළු වූ ඕනෑම අයෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා වීම අවශ්‍ය වේ.

බටහිර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Mark McGowan දකුණු ඕස්ට්‍රේලියාවේ සිට තම ප්‍රාන්තයට ඇතුළු වන සංචාරකයින්ට දින 14 ක අනිවාර්ය නිරෝධායනයක් ඉරිදා(15/11) නියම කළේය. සමහර සංචාරකයින්ට පර්ත් නුවරට පැමිණෙන විට ස්වයං හුදෙකලා වීමට සිදුවන බව පවසා තිබුණි.

වික්ටෝරියානු අගමැති Daniel Andrews සඳුදා නිවේදනය කළේ දකුණු ඕස්ට්‍රේලියානුවන්ට දේශ සීමාව හරහා පැමිණෙන විට සම්මුඛ පරීක්ෂණයකට සහභාගී විය යුතු බවයි. එවිට බලධාරීන් විසින් සංචාරකයින් කොරෝනා පරීක්ෂණවලට භාජනය කර​ ඔවුන්ගේ ප්‍රතිඵල ලැබෙන තෙක් හුදෙකලා වීමට කටයුතු කරනු ලැබේ.

නිව් සවුත් වේල්ස් අගමැති Gladys Berejiklian පවසන්නේ දකුණු ඕස්ට්‍රේලියාව සමඟ ඇගේ ප්‍රාන්තයේ දේශ සීමාව මේ වන විට විවෘතව පවතින නමුත් බලධාරීන් විසින් තත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරනු ඇති බවයි.

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා බැංකු cashless වෙන්න ATM වැසීමෙන් ගණුදෙනුකරුවන් අමාරුවේ

ඔස්ට්‍රේලියාවේ මුදල් රහිත සමාජයක් පිළිබඳ කථිකාවක් පැවතුණ ද භෞතික මුදල් භාවිතය නැවත පැමිණීමට ඉඩ ඇති බව මෙම සතියේ නිකුත් වූ සංචිත බැංකුවේ නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයෙක් ඔස්ට්‍රේලියා පාපන්දු කණ්ඩායමට ජයග්‍රහණය ගෙන එයි

ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත පාපන්දු ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියාවේ පාපන්දු ක්‍රීඩාවේ ඉහළ දක්ෂතා දක්වමින් ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇති බවට වාර්තා වනවා.

Read More »

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ

දෙසැම්බර් පළමු වනදා සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යානවල සහ සාමාන්‍ය වනාන්තරවල කඳවුරු භූමිවල නොමිලේ කඳවුරු බැඳීම සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

Read More »

බලපත්‍ර නැතිව සංක්‍රමණ උපදෙස් දුන්නොත් සිර දඬුවම් – ප්‍රමුඛ පෙළේ රටකින් තීරණයක්

බලපත්‍ර නොමැතිව සංක්‍රමණ උපදෙස් ලබා දෙන සහ ඒ සඳහා මුදල් ලබා ගන්නා වංචනික පුද්ගලයින්ට දඬුවම් කිරීමේ නව ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට නවසීලන්ත රජය පියවර ගෙන තිබෙනවා.

Read More »