
සිඩ්නි ජනාකීර්ණ වීථියක මෝටර් රථයක සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.
ඔහුගේ අනන්‍යතාවය හෙළිකර නොමැති නමුත් වයස අවුරුදු 40 ක් පමණ වන අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ආයුධ සන්නද්ධ පිරිසක් අද පෙරවරුවේ මෝටර් රථවලින් පැමිණ වෙඩිතැබීම සිදුකර තිබුණා.
ඒ සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය පුලුල් විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා.
