බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළට ප්‍රදේශවාසීන් පිරිසකගෙන් චෝදනා

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළ හමුවේ තමන්ට කිසියම බලපෑම් එල්ලවනු ඇති බවට ප්‍රදේශවාසීන් පිරිසක් චෝදනා කරනවා.

පෙන්රිත් – බ්ලැක්ටවුන් සහ බ්ලු මවුන්ටන් ඇතුලු ප්‍රදේශ ඒ අතර වනවා.

නව ගුවන් තොටුපළේ ගුවන් යානා ගමන් මාර්ගය ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු අතර ජනාකීර්න ප්‍රදේශ කිහිපයක් ඉන් ආවරණය වීම මීට ප්‍රධාන හේතුවයි.

පැය 24 පුරා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබීම හමුවේ විශේෂයෙන් රාත්‍රී කාලයේදී අධික ශබ්දය හමුවේ තමන්ට නින්දට යාමට නොහැකි වාතාවරණයක් උද්ගත වනු ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින්නේ.

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළ 2026 වසර පමණ වනවිට විවෘත කිරීමටයි දැනට සැළසුම් කර ඇත්තේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »