
කොවිඩ් වසංගත සමයේ දඩ නියම කිරීමේදී ඇතැම් ජන කොටිඨාශ වැඩි වශයෙන් ඉලක්ක කල බවට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසියට චෝදනා එල්ල වනවා.
අප්‍රිකානු සහ මැද පෙරදිග පෙනුමක් ඇති පුද්ගලයන්ට සෙසු ප්‍රජාවන්ට වඩා 04 ගුණයක් වැඩියෙන් දඩ පත්‍රිකා නිකුත් කර ඇති බවයි ස්වාධීන ආයතනයක් සිදුකර ඇති අනාවරණයක දක්වා ඇත්තේ.
වික්ටෝරියා හි ඇතැම් ප්‍රදේශවල සුදු සමක් සහිත ඔස්ටේ්‍රලියානුවන්ගේ ප්‍රතිශතය ඉහළ අගයක පැවතියද ඔවුන්ට දඩ නියම කිරීම් සිදුවී ඇත්තේ ඉතා අවම ප්‍රතිශතයකින් වීම ගැටලු සහගත බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

කොවිඩ් වසංගතය දරුණුතම අවධිය පැවති 2020 වසරේදී වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් දඩ පත්‍රිකා 37,405 ක් නිකුත් කර තිබුණා.
ඉන් සියයට 20 කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ අප්‍රිකානු සහ මැද පෙරදිග පෙනුමක් ඇති පුද්ගලයන්ටයි.

කෙසේවෙතත් ජනගහණය ඔවුන්ගේ ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 05 ක් ලෙසයි.
මුව ආවරණය නොපැළඳීමට ඩොලර් 200 ක් – ලොක්ඩුවන් නීති කඩ කර නිවාසවලින් බැහැරට යාමට ඩොලර් 1,652 ක් සහ නීති විරෝධී රැස්වීම් සඳහා ඩොලර් 4,957 ක් ලෙසයි එලෙස දඩ නියම කෙරුණේ.