Search

ආසියා පැසිෆික් දරුණුම ආර්ථික කඩාවැටීම් අතරට ඔස්ට්‍රේලියාවත් ?

ඉදිරි වසර කිහිපයේදී ආසියා පැසිෆික් කලාපයේ දරුණුම කඩාවැටීම පෙන්නුම් කරන ආර්ථිකයක් බවට ඔස්ට්‍රේලියානු ආර්ථිකය පත්වනු ඇති බවට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

ගෝලීය ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන S & P Global විසින් නිකුත් කර ඇති නවතම පුරෝකථනයක දැක්වෙන්නේ දැනට කලාපයේ ශක්තිමත්ම ආර්ථිකයන් 14 අතුරින් දරුණුම පහළයාම සටහන් කරන රටවල් අතර 05 වන ස්ථානයට ඔස්ට්‍රේලියාව පත්වනු ඇති බවයි.

මෙම වසරේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 1.4 ක් වැනි පහළ අගයක් ගැනීම – උද්ධමනය සහ පොළී අනුපාතිකයන් ඉහළයාම මීට මූලික හේතුවයි.

ලබන වසරේදී ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය සියයට 1.2 ක් වැනි අගයකට තවත් පහළ යනු ඇති බවටද අනාවැකි පළවනවා.

එය දෙවැනි වනුයේ සියයට 1.1 ක පුරෝකථනයක් සහිත ජපානයට පමණක් බවයි S & P Global සිය වාර්තාවේ දක්වා ඇත්තේ.

ඉදිරි මාසවලදී පොළී අනුපාතිකයන් තවත් ඉහළ ගොස් 2024 වසරේදී සියයට 4.6 ඉක්මවා යනු ඇතැයිද එහි වැඩිදුරටත් සඳහන්.

SOURCE : https://www.9news.com.au/national/s-p-global-forecasts-economic-slowdown-for-australia-weakest-in-asia-pacific/f454ed7d-4cf5-4419-a331-d4b03f54f670

බාලි යන ඔස්ට්‍රේලියානුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිවන වැරදි මෙන්න

ඉන්දුනීසියාවේ බාලි දූපත්වල සංක්‍රමණ නීති සඳහා හඳුන්වා දුන් වෙනස්කම් හේතුවෙන් ඇතැම් සංචාරකයින්ට ජීවිතාන්තය දක්වා සිරගත විය හැකි දඬුවම් ඇතුලත් බවට වාර්තා වනවා.

Read More »

ආර්ථික අර්බුධය නිසා ඔස්ට්‍රේලියානුවන් Gym යන එකත් නතර කරයි

ඔස්ට්‍රේලියාවේ ජනතාව තුළ පවතින මුල්‍ය ආතතිය වසර 10කින් ඉහළම අගයට පැමිණ ඇති බවට මූල්‍ය සේවා සමාගමක් වන AMP හි නවතම පර්යේෂණයට අනුව හෙළිවී තිබෙනවා.

Read More »

මෙල්බන් රියදුරන් අනවශ්‍ය ලෙස ඉන්ධනවලට වැඩි මිලක් ගෙවන බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරවල මෝටර් රථ රියදුරන් පෙට්‍රල් සඳහා වැඩි මුදලක් ගෙවන බව නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෙල්බන් හරිත නගරයක් කරන්න මෙල්බන් විශ්ව විද්‍යාලයෙන් නව අධ්‍යයනයක්

මෙල්බන් නගරය කිලෝමීටර් 1600ක් සහිත හරිත නගරයක් බවට පත් කිරීමේ හැකියාවක් පවතින බවට මෙල්බන් විශ්ව විද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා

Read More »

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »