Search

වසර 07 කට පසු පර්ත් ශීතල අධිකම දිනය අද

වසර 07 කට පසු පර්ත් නගරයේ ශීතල අධිකම දිනය ලෙස අද උදාසන කාලය සටහන් වී තිබෙනවා.

අද පෙරවරු 07 පමණ වනවිට පර්ත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.7 ක් ලෙස වාර්තා වී ඇති අතර පර්ත් ගුවන් තොටුපළේ එම අගය සටහන්වී ඇත්තේ අංශක සෘණ 0.6 ක් ලෙසයි.

අවසන්වරට මෙතරම් පහළ උෂ්ණත්වයක් සටහන්වී තිබුණේ 2016 වසරේ ජූනි මාසයේදීයි.

ඉදිරි දින 05 ක කාලයේදී පර්ත් නගරයේ උපරිම උෂ්ණත්වය අංශක 17 ත් 19 ත් අතරද – අවම උෂ්ණත්වය අංශක 04 ත් 07 ත් අතරද පැවතිය හැකි බවටයි කාළගුණ විද්‍යා කාර්යාංශය අනාවැකි පළකරන්නේ.

https://www.abc.net.au/news/2023-06-27/perth-records-coldest-morning-in-seven-years-wa-freezing-weather/102527576

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »