Search

ජනප්‍රිය යෝගට් වර්ග 02 ක් ආපසු කැඳවයි

වූල්වර්ත්ස් සහ කෝල්ස් සුපිරි වෙළඳසැල් වල අලෙවි කරන ජනප්‍රිය යෝගට් වර්ග 02 ක් ආපසු කැඳවා තිබෙනවා.

ඒ මාරාන්තික බැක්ටීරියාවක් වන ඊ-කොලි ආසාධන අවධානමක් හේතුවෙනුයි.

මේ අනුව ජල්නා Dairy Foods නිෂ්පාදනය කරන ලැක්ටෝස් රහිත වැනිලා මෙන්ම Sweet & Creamy Greek Coconut රසයන්ගෙන් යුත් කිලෝ 01 යෝගට් නිෂ්පාදන පරිභෝජනයෙන් වළකින ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

දැනටමත් මිළදී ගෙන ඇති කවරෙකු හෝ වෙතොත් ඒවා නැවත භාරදී මුදල් ලබාගත හැකියි.

ජූලි 28 වනදා සිට අගෝස්තු 02 වනදා දක්වා වන දිනවල කල් ඉකුත්වීමේ දින වකවානු සහිතව මෙම යෝගට් නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කර තිබුණා.