අළුබඳුන කාන්තා ජයත් ඔස්ට්‍රේලියාවට

අළුබඳුන කාන්තා ටෙස්ට් තරගාවලිය ලකුණු 89කින් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්විය.

ටෙස්ට් තරගාවලියේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ නායිකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළාය.

එහිදී ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 473ක් ලබාගත්තාය.

ඊට පිළිතුරු වශයෙන් එංගලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 463ක් පමණි.

ඉන් අනතුරුව දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 257ක් රැස්කළාය.

එහිදී දෙවන ඉනිම වෙනුවෙන් එංගලන්ත කාන්තා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 178ක් පමණි.

ඒ අනුව, 2023 අළුබඳුන කාන්තා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 89කින් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කන්තා කණ්ඩායමට හැකිවුණි.

ශ්‍රී ලංකාවේ ඔෂිනිට Woman Fide Master ගෞරව නාමය

ලෝක චෙස් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ නැගී එන ක්‍රීඩිකාවක වන ඔෂිනී දේවින්ද්‍යා ගුණවර්ධනට වුමන් ෆිඩේ මාස්ටර් (Woman Fide Master (WFM) ගෞරවය පිරිනමා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ගම්මානයක් ශ්‍රී ලංකාවේ

නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ගම්මානය තුළ සිදු කෙරෙන ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

Read More »

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »