
කොවිඩ් සමයේදී අවලංගු කරනු ලැබූ ගුවන් ගමන් වෙනුවෙන් ලබාදෙන flight credits හෝ මුදල් ආපසු ලබාගැනීම් හැකි ඉක්මණින් සිදුකරන්නැයි ක්වන්ටාස් ගුවන් සේවය මගීන්ට නැවත දැනුම් දෙනවා.
මෙම වසර අවසානය වනවිට අදාළ වරප්‍රසාදය අවසන්වන අතර තවමත් ඩොලර් මිලියන 400 කට ආසන්න වටිනාකමින් යුත් මුදලක් ලබාගෙන නොමැති බව සඳහන්.
ඩොලර් බිලියන 02 කට ආසන්න flight credits ප්‍රමාණයක් ක්වන්ටාස් ගුවන් සේවය විසින් ප්‍රකාශයට පත් කල අතර ඒවා ලබන දෙසැම්බර් 31 වනදායින් අවසන්වීමට නියමිතයි.

සතිපතා මෙම ඉතිරි මුදල අඩුවීමක් නිරීක්ෂණය කර ඇති බවත් ක්වන්ටාස් සමාගම සඳහන් කලා.
