
මෙල්බර්න්හි රියදුරු පරීක්ෂණ පැවැත්වීම නැවත ආරම්භ වේ.
Melbourne driving tests to resume after COVID pause.
කොරෝනා වසංගතය හේතුවෙන් මාර්තු අග දී රියදුරු බලපත්‍රය සහ ඉගෙනුම් බලපත්‍ර පරීක්ෂණ අත්හිටුවීමෙන් පසු එම සේවාව නැවත ආරම්භ කිරීමට VicRoads කටයුතු සලසා ඇත.

සඳුදා(16/11) සිට මෙල්බර්නියානුවන් දහස් ගණනකට ඉදිරි සති දහය තුළ ධාවක, hazard perception සහ ඉගෙනුම් අවසර පත්‍ර (learner permit) පරීක්ෂණ සඳහා වේලාවන් වෙන්කරවා ගත හැකිය.
බ්‍රහස්පතින්දා සිට තවත් වේලාවන් වෙන් කිරීම් ලබා ගත හැකි අතර, එතැන් සිට සෑම දෙසතියකට වරක් වෙන්කරවා ගැනීම් සිදු කිරීමට ඉඩ ලබා දේ.

VicRoads විසින් තම සේවාව ආරක්ෂිතව ක්‍රියාකාරී ලෙස නැවත ආරම්භ කිරීම සහතික කිරීම සඳහා තවත් සිය ගණනක් කාර්ය මණ්ඩලය බඳවා ගෙන ඇති අතර තාවකාලික පරීක්ෂණ ස්ථාන පිහිටුවා ඇත.
අත්හිටවූ කලින් වෙන් කරවාගත් වේලාවන් ඇති ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ පරීක්ෂණ නැවත සිදුකිරීමට ප්‍රමුඛතාවය ලබා දී ඇත.
පරීක්ෂණ සඳහා භාවිතා කරන වාහන පිරිසිදු කිරීම, ගනුදෙනුකරුවන්, උපදේශකයින් සහ පරීක්ෂණ නිලධාරීන් සඳහා දැඩි සනීපාරක්ෂක අවශ්‍යතා, සෑම විටම මුහුණු ආවරණ පැළඳීම සහ ඉවත දැමිය හැකි ආසන ආවරණ භාවිතා කිරීම ඇතුළු සුදුසු COVID ආරක්ෂිත පියවර ක්‍රියාත්මක වේ.
මේ අනුව VicRoads වෙබ් අඩවියේ පරීක්ෂණයක් වෙන්කරවා ගැනීමට පාරිභෝගිකයින් දිරිමත් කරනු ලැබේ.
(7News)