කොමන්වෙල්ත් බැංකුවේ ඔන්ලයින් සේවා සඳහා බාධා

කොමන්වෙල්ත් බැංකුවේ ඔන්ලයින් බැංකු සේවා සඳහා බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව අද පෙරවරුවේ සිට ගිණුම් ශේෂය පරීක්ෂා කිරීම ඇතුලු සේවා රැසක අවහිරතා පවතින බවයි ගණුදෙනුකරුවන් පැමිණිලි කර ඇත්තේ.

එමෙන්ම සුපිරි වෙළඳසැල් සහ ඉන්ධන පිරවුම්හල්වලදී කාඩ්පත් මගින් ගෙවීම් සිදුකිරීමේදීද දුෂ්කරතා මතුවී ඇති බව සඳහන්.

3,000 කට ආසන්න පිරිසක් මේ වනවිට පැමිණිලි යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දෝෂය පිළිබඳ දැනුවත් බවත් වහා යථා තත්වයට පත් කරන බවත් කොමන්වෙල්ත් බැංකුව අවධාරණය කලා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »