ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියානුවන්ගේ ඇල්ම වැඩිවෙයි

ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව ඉහළයාමත් සමග ඔවුන්ට නවාතැන් පහසුකම් සළසා දීම සඳහා ඔස්ට්‍රේලියානුවන් දැඩි කැමැත්තකින් පසුවන බව නවතම සමීක්ෂණයක් හෙළිකරනවා.

ඒ අනුව සිය නිවාසවල ඇති අමතර කාමර ඉතා අඩු මුදලකට ලබාදීමට ඔවුන් පෙළඹී ඇති බවයි අනාවරණය වන්නේ.

සංචාරකයන් සඳහා අනුගමනය කෙරෙන Home stay ක්‍රමවේදයට සමාන අයුරින් මෙය ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ.

ශිෂ්‍ය වීසා මත ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සිසුන් බහුතරයක් නිවාස ඒකක (units) වල නවාතැන් පහසුකම් ලබාගැනීමට කටයුතු කිරීම හමුවේ ඒවායෙහි ගාස්තු අඛණ්ඩව ඉහළයාම මීට මූලික හේතුවයි.

මෙමගින් තමන්ට අමතර ආදායමක් උපයා ගත හැකි බවත් එමගින් මාසික බිල්පත් ගෙවීම පහසුවන බවත් නිවාස හිමියන් ද ප්‍රකාශ කර තිබෙනවා.

මෙහි ප්‍රධාන ගැටලුවක් ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ සිසුන් අධ්‍යාපනය හදාරන සරසවිය හෝ අධ්‍යාපන ආයතනයට ආසන්නයෙන්ම නිවසක් සොයා ගැනීමේ අපහසුවයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »