ශ්‍රී ලංකාවට කඩුලු 10 ක සුපිරි ජයක්

ඕමානයට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

එහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න අර්ධ ශතකයක් රැස්කළේය.

පන්දු 51කට මුහුණදුන් දිමුත් හතරේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 61ක් රැස්කරගැනීමට සමත්විය.

පැතුම් නිස්සංක පන්දු 39කදී නොදැවී ලකුණු 37ක් රැස්කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමානය පන්දුවාර 30යි පන්දු 2කදී ලකුණු 98කට සියලුදෙනා දැවී ගියේය.

සුපිරි පන්දු යැවීමක නිරතවූ වනිඳු හසරංග ලකුණු 13කට කඩුලු 5ක් දවාගැනීමට සමත්විය.

ලහිරු කුමාර කඩුලු 3ක් සහ කසුන් රාජිත එක් කඩුල්ලක් දවාගත්තේය.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »