
ලොව පුරා කාගේත් කතාබහට ලක්ව ඇති ටයිටෑන් සබ්මැරීන් අනතුරෙන් මියගිය පුද්ගලයින් පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.
ඒ අතරින් ප්‍රධාන පුද්ගලයෙකු වන්නේ ප්‍රංශ ජාතික ගැඹුරු මුහුදු ගවේශකයෙකු වන පෝල් හෙන්ඩ්‍රි නජේලට්.
77 හැවිරිදි ඔහු ටයිටැනික් නෞකාව පිළිබඳ ගවේශණය සිදුකළ ලොව ප්‍රකට විශේෂඥයෙක්.

“මිස්ටර් ටයිටැනික්” නමින් හැඳිනවෙන ඔහු මෙම අනතුරට පෙර 35 වතාවකට වැඩි ප්‍රමාණයක් ටයිටැනික් ඇතුළු ගැඹුරු මුහුදු කිමිදුම් ගවේශණ කටයුතු සිදුකර තිබෙනවා.
නූතන ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ගැඹුරු මුහුදු ගවේශකයෙකු ලෙසද ඔහු හැඳින්වෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
