ඇඩිලේඩ් හි උතුරු තදාසන්න ප්‍රදේශයේ කොරෝනා වයිරස් පොකුරට සම්බන්ධ නව ආසාදිතයින් 17 ක්! – AusLanka TV – Australian News for the Sri Lankan community

ඇඩිලේඩ් හි උතුරු තදාසන්න ප්‍රදේශයේ කොරෝනා වයිරස් පොකුරට සම්බන්ධ නව ආසාදිතයින් 17 ක්!

ඇඩිලේඩ් හි උතුරු තදාසන්න ප්‍රදේශයේ කොරෝනා වයිරස් පොකුරට සම්බන්ධ නව ආසාදිතයින් 17 ක්!

ඇඩිලේඩ් හි උතුරු තදාසන්න ප්‍රදේශයේ කොරෝනා වයිරස් පොකුරට සම්බන්ධ නව ආසාදිතයින් 17 ක්!

Seventeen new cases linked to Adelaide northern suburbs coronavirus cluster.

දකුණු ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරි පවසන්නේ ඇඩිලේඩ් හි උතුරු තදාසන්න ප්‍රදේශයේ වාර්තා වූ පොකුර සමඟ මේ වන විට කොරෝනා වයිරස් රෝගීන් 17 ක් සම්බන්ධ වී ඇති බවයි.

මෙම කොරෝනා ආසාදිතයින් ඊයේ ප්‍රකාශයට පත් කළ  ආසාදිතයින් 4 දෙනාට​ සම්බන්ධයි.

Nicola Spurrier පැවසුවේ Port Adelaide හි Hungry Jack’s අවන්හල​ වසා දමා ඇත්තේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ආසාදිතයින් අතර සිටි නිසාය​.

Mawson Lakes ප්‍රාථමික සහ පෙර පාසල් සහ Parafield Plaza සුපිරි වෙළඳසැල ද වසා දමා ඇත.

Salisbury Downs හි Thomas More විද්‍යාලය ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම​ හේතුවෙන් අද එය වසා දමන බව නිවේදනය කළේය.

SA අගමැති Steven Marshall කියා සිටියේ මෙම සිද්ධීන් හා සම්බන්ධ සිය ගණනක් දෙනා දැන් හුදෙකලා වී සිටින බවයි.

(ABCNews)

COMMENTS