
ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණයට ගිය සබ්මැරීනයේ ගමන් කල 05 දෙනාම මියගිය බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
ටයිටන් නම් එම සබ්මැරීනයේ කොටස් 05 ක් ටයිටැනික් නෞකාවේ සුන්බුන් ඇති ස්ථානයේ සිට අඩි 1600 ක් ඉහළින් තිබී හමුවූ බවයි අමෙරිකානු සෝදිසි මෙහෙයුම් කණ්ඩායම් සඳහන් කලේ.
කෙසේවෙතත් ඇතැම්විට ඔවුන්ගේ සිරුරු කිසි දිනක හමුනොවනු ඇති බවයි පැවසෙන්නේ.

ඊයේ දිනයේදී අදාළ මුහුදු කලාපයේ තිබී සුන්බුන් කිහිපයක් පළමුවරට නිරීක්ෂණය වී තිබුණා.
මෙම සබ්මැරීනය අතුරුදන්වූයේ පසුගිය ඉරිදා දිනයේදීයි.

පකිස්ථානයේ උපත ලබා දැනට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බිලියනපතියෙකු සහ ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයාද මියගිය පිරිස අතර වනවා.