ඔස්ට්‍රේලියානුවන් ණය වාරික වෙනස් කරගැනීම ඉහළට

උකස් ණය වාරික නැවත සකස් කිරීමට ඔස්ට්‍රේලියානුවන් විශාල පිරිසක් කටයුතු කරමින් සිටින බව නවතම දත්ත අනාවරණය කරනවා.

Finder ආයතනය විසින් සිදුකල සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ ලක්ෂ 11 කට ආසන්න පිරිසක් ලබන මාසය වනවිට එලෙස උකස් ණය පිළිබඳ තීරණයක් ගනු ඇති බවයි.

මාසික වාරික මුදලේ අගය අඩු කර වාරික සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම වැඩි පිරිසකගේ අපේක්ෂාව වී ඇති බවටයි හෙළිකරගෙන ඇත්තේ.

ගතවු මාස 12 තුළදී ඩොලර් බිලියන 17.8 කට ආසන්න වටිනාකමින් යුත් නිවාස ණය මෙලෙස සංශෝධනයන්ට ලක් කර ඇති බව සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්ත වාර්තා අනුව පෙනී යනවා.

ඩොලර් ලක්ෂ 05 ක පමණ නිවාස ණයක් ගෙන ඇති අයෙකුගේ මාසික වාරිකය පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා ඩොලර් 1,051 කින් ඉහළ ගොස් ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »