
ජූලි පළමුවනදා සිට සිදුකරන විදුලි ගාස්තු ඉහළ නැංවීමත් සමග සහනාධාර අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉහළගොස් තිබෙනවා.
එක් විදුලි සමාගමක පාරිභෝගිකයන් 70,000 කට ආසන්න සංඛ්‍යාවක් නියමිත දිනයට පෙර විදුලි බිල්පත් ගෙවීම සඳහා ගාස්තු සහනයක් අපේක්ෂා කරන බවටයි තක්සේරු කර ඇත්තේ.
එය පසුගිය වසරට වඩා සියයට 50 ක පමණ ඉහළයාමක් වනවා.

ඔස්ට්‍රේලියාව තුළ විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 06 කට පමණ බලපැවැත්වෙන පරිදි ලබන පළමුවනදා සිට සියයට 20 ත් 25 ත් අතර අගයකින් විදුලි බිල ඉහළයාමට නියමිතයි.
ඉන් බහුතරය නිවු සවුත් වේල්ස් – දකුණු ඔස්ට්‍රේලියාව සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල පාරිභෝගිකයන් බව සඳහන්.
