
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල් සඳහා තාවකාලික පදනමින් බඳවා ගනු ලැබූ හෙදියන් 1,112 දෙනෙකුට රැකියා අහිමිවීමේ අවධානමක් මතුවී තිබෙනවා.
ඒ ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය සම්පූර්ණ වන 2025 වසරේ මැද භාගය තෙක් වැටුප් ගෙවීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කර නොමැතිවීම හේතුවෙනුයි.
ලබන සැප්තැම්බර් මාසයට යෙදී ඇති ෆෙඩරල් රජයේ අයවැය ලේඛණයෙන් මෙම පිරිසට අදාළව මුදල් වෙන් කිරීමක් සිදුනොකලහොත් ඔවුන්ගේ රැකියා අහිමිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ දැඩි හිගයක් පවතින අවස්ථාවක මෙම පිරිසද සේවයෙන් ඉවත්ව ගියහොත් නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ලක්වනු ඇති බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.
කොවිඩ් සමයේ දරුණුතම අවස්ථාවේදී මෙම පිරිස බඳවාගනු ලැබ තිබුණා.
