ජනමත විචාරණය අවලංගු කරන්නැයි විපක්ෂ නායකගෙන් යෝජනා

ප්‍රමාණවත් සහයක් නොලැබෙන්නේ යැයි හැගී යන්නේ නම් ස්වදේශික හඩ ජනමත විචාරණ යෝජනාව අවලංගු කරන්නැයි විපක්ෂ නායක පීටර් ඩට්න් ලේබර් රජයට යෝජනා කරනවා.

කිසියම් අයුරකින් මෙය පරාජයට පත්වුවහොත් එය රජයේ ඉදිරි කටයුතු සඳහා මෙන්ම ඔස්ට්‍රේලියාවේ ජන කොට්ඨාශ අතර සහජීවනයට බාධාවක් බවයි විපක්ස නායකවරයා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් යෝජිත ජනමත විචාරණයට ප්‍රමාණවත් සහයක් පවතින බවත් විපක්ෂ නායකවරයා විසින් අනවශ්‍ය බියක් ඇතිකරමින් සිටින බවටත් ෆෙඩරල් රජය චෝදනා කරනවා.

දින කිහිපයකට පෙර සෙනෙට් සභාව විසින් අදාළ යෝජනාව සම්මත කිරීමේදී ලිබරල් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක්ද ඊට සහය පළකල බවයි රජය පෙන්වා දෙන්නේ.

යෝජිත ජනමත විචාරණය ලබන ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවලදී පැවැත්වෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »