මෙල්බන් සංගීත ප්‍රසංගයක Mobile phones තහනමක්

ලබන මාසයේදී මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර කිහිපයක පැවැත්වෙන ජාත්‍යන්තර මට්ටමේ සංගීත ප්‍රදර්ශන මාලාවක් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්වයක් හටගෙන තිබෙනවා.

අමෙරිකානු සංවිධායකයන් පිරිසක් විසින් මෙහෙයවන මෙම ප්‍රසංග නැරඹීමට පැමිණෙන්නන්ට පනවා ඇති ජංගම දුරකථන තහනම ඊට හේතුවයි.

මෙල්බන් – බ්‍රිස්බන් සහ සිඩ්නි නගරවලදී ලබන මාසය පුරා මෙම සංගීත සංදර්ශන මාලාව සංවිධාන කර තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රවේශපත්‍ර මිළදී ගැනීමේදීම නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ මෙම සංදර්ශනය පැවැත්වෙන ස්ථානයට ජංගම දුරකථන ගෙනයාම සම්පූර්ණයෙන් තහනම් වන බවයි.

නරඹන්නන්ට් පූර්ණව සංගීතය රස විඳීමට අවස්ථාව සළසාදීම මෙහි අරමුණ බව ප්‍රසංග සංවිධායකයන් අවධාරණය කර තිබෙනවා.

එසේ නොවුණහොත් ඡායාරූප හෝ වීඩියෝ ගැනීම පමණක් සිදුවන බැවින් නරඹන්නන් නියමාකාරයෙන් ප්‍රසංගය රස නොවිඳින බවයි ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »