Search

අඩුවෙන් වැටුප් ගෙවූ සිඩ්නි ඉන්දීය අවන්හලකට $ ලක්ෂ 02 ක දඩයක්

සූපවේදීන් ලෙස සේවය කල දකුණු ආසියානු ජාතිකයන් දෙදෙනෙකුට අඩුවෙන් වැටුප් ගෙවූ බවට චෝදනා එල්ල වී ඇති සිඩ්නි ඉන්දීය අවන්හලකට ඩොලර් ලක්ෂ 02 ක දඩයක් නියම වී තිබෙනවා.

පණත යටතේ මෙම අවන්හලට එරෙහිව අදාළ නීතිමය පියවර ගෙන තිබුණේ ඉන්දීය ජාතිකයෙකු සහ පකිස්ථාන ජාතිකයෙකු විසිනුයි.

තමන් සතියකට පැය 70 කට අධික කාලයක් සේවය කල බවත් ඊට විරුද්ධ වුවහොත් වීසා අනුග්‍රාහකත්වය ඉවත් කරන බවටත් තර්ජනය කෙරුණු බවයි ඔවුන් සඳහන් කර තිබුණේ.

2016 – 2018 කාල සීමාවේදී තමන් මෙම අවන්හලේ සේවය කල කාලසීමාවේ මෙලෙස නියමිත මුදලට වඩා අඩුවෙන් වැටුප් ලැබුණු බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

ඔවුන් දෙදෙනාට වෙන් වෙන්ව ඩොලර් ලක්ෂය බැගින් වන්දි ගෙවන ලෙසයි ෆෙඩරල් අධිකරණයක් විසින් අදාළ ඉන්දීය අවන්හලට නියම කරනු ලැබුවේ.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »