මෙල්බන් – සිඩ්නි ජීවත්වීමට සුදුසුම නගර ලැයිස්තුවේ යළිත් උඩට

ලොව ජීවත්වීමට වඩාත් සුදුසුම නගර ලැයිස්තුවේ මුල් ස්ථාන 10 අතර නැවතත් පෙරමුණට පැමිණීමට ඔස්ට්‍රේලියානු නගර 02 ක් සමත්වී තිබෙනවා.

ඒ අනුව මෙල්බන් නගරය 03 වන ස්ථානයේත් සිඩ්නි නගරය 04 වන ස්ථානයේත් පසුවන බවයි නවතම දර්ශකයේ දැක්වෙන්නේ.

කොවිඩ් වසංගතය පැවති සමයේ මෙම නගර දෙකම ශ්‍රේණිගත කිරීම්වල තරමක් පහළට ගොස් තිබුණා.

සෞඛ්‍ය සේවා – අධ්‍යාපනය – පරිසර හිතකාමී බව – යටිතල පහසුකම් වැන අංශ කිහිපයක් සළකා බලමිනුයි වාර්ෂිකව මෙම දර්ශකය නිකුත් කරනු ලබන්නේ.

මෙවර ලොව ජීවත්වීමට වඩාත් සුදුසුම නගර ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ ඔස්ට්‍රියාවේ වියානා නගරයයි.

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරය 02 වන ස්ථානයටත් – කැනඩාවේ වැන්කුවර් නගරය 05 වන ස්ථානයටත් – ස්විට්සර්ලන්තයේ සූරික් නගරය 06 වන ස්ථානයටත් පත්වී තිබෙනවා.

කැනඩාවේ කැල්ගරි 07 වන ස්ථානයටත් – ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරය 08 වන ස්ථානයටත් – කැනඩාවේ ටොරොන්ටෝ 09 වන ස්ථානයටත් පත්ව ඇති බව සඳහන්.

ජපානයේ ඔසාකා මෙන්ම නවසීලන්තයේ ඕක්ලන්ඩ් යන නගර දෙකම සම 10 වන ස්ථානයේයි පසුවන්නේ.

පිහි ඇනුමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් අගමැති ඇතුලු දහස් ගණනක් එක්වෙයි

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් විපතට පත් වූවන්ට ගෞරව දක්වා ඉටිපන්දම් දැල්වීමට බොන්ඩායි බීච් වෙත දහස් ගණන් ජනතාව ඊයේ පස්වරුවේ රැස්ව සිටියා.

Read More »

මාධ්‍යයට හෙළි නොවූ සිඩ්නි අවට පිහි ඇනුම් ගැන තොරතුරු එළියට

ගතවූ සතියක කාලයක් තුල සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකදී පිහි ඇනුම් 5කින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »