Search

ඔස්ට්‍රේලියාව ට්විටර් ගෙන් නිදහසට කරුණු අහයි

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන වෛරී සහගත ප්‍රකාශ පාලනයට ගෙන ඇති පියවර කුමක්දැයි පැහැදිලි කරන ලෙස ඔස්ට්‍රේලියානු බළධාරීන් විසින් ට්විටර් සමාජ ජාලයට දැනුම් දී තිබෙනවා.

වෙනත් කිසිදු සමාජ මාධ්‍යයකට වඩා ට්විටර් ට එරෙහිව ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් ගතවූ මාස 12 තුළදී සටහන් වන බවයි ඔස්ට්‍රේලියානු බළධාරීන් පවසන්නේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඉලොන් මස්ක් විසින් ට්විටර් මිළදී ගැනීමත් සමග මෙම තත්වයෙහි වැඩිවීමක්ද නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව සමස්ත පැමිණිලි සංඛ්‍යාවෙන් 1/3 ක් පමණ ට්විටර් ජාලයට එරෙහිව ලැබෙන පැමිණිලි බවටයි හඳුනාගෙන ඇත්තේ.

දින 28 ක් තුළ ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වුවහොත් දිනයකට ඔස්ට්‍රේලියා ඩොලර් ලක්ෂ 07 බැගින් දඩ ගෙවීමට ද ඔවුන්ට සිදුවනු ඇති.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »