Search

Ford සමාගම ඔස්ට්‍රේලියාව තුළ රැකියා 400 ක් කපා හරී

ඔස්ට්‍රේලියාව තුළ රැකියා 400 ක් කපා හැරීමට Ford මෝටර් රථ සමාගම තීරණය කර තිබෙනවා.

ඉන් බහුතරය හි පිහිටා ඇති කාර්යාලයේ සේවය කරන නිර්මාණ සහ සංවර්ධන රැකියාවල නිරත වන්නන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

දැනට සමාගමට අනුයුක්තව ඔස්ට්‍රේලියාව තුළ සේවය කරන සංඛ්‍යාව 1800 ක් පමණ වන බව සඳහන්.

ලොව පුරා කාර්යක්ෂමතාවය ඉහළ නංවාලීම අරමුණු කරගෙන සිදුකරන ප්‍රතිසංස්කරණ මාලාවක එක් අධියරක් ලෙසයි මෙම සේවක කප්පාදුව ක්‍රියාත්මක කරනු ලබන්නේ.

ඉදිරි වසර 03 තුළදී සිය යුරෝපා සේවකයන් 3,800 ක් පමණ ඉවත් කිරීමටයි ෆෝඩ් සමාගම පසුගියදා තීරණය කලේ.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »