Child care ගාස්තු ඉහළ දැමීම අවස්ථාවාදී බවට චෝදනා

ලබන මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ගාස්තු ඉහළ දැමීමට child care මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නන් විසින් තීරණය කර ඇති බවට වාර්තා පළවනවා.

සියයට 01 ත් සියයට 10 ත් අතර අගයන්ගෙන් එලෙස ගාස්තු ඉහළ දමන බව දක්වමින් මෙම සතියේදී දෙමව්පියන් වෙත ලිපි යොමුකර ඇති බවයි පැවසෙන්නේ.

ලබන ජුලි පළමුවනදා සිට child care ගාස්තු සහනාධාර හිමිවන පවුල් සංඛ්‍යාව ඉහළ දැමීමට ෆෙඩරල් රජය විසින් පසුගිය අයවැයේදී යෝජනා කරනු ලැබුවා.

එවැනි වාතාවරණයකදී child care මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නන් විසින් මෙලෙස ගාස්තු ඉහළ දමා ඇත්තේ අවස්ථාවාදී ලෙස අනිසි ප්‍රතිලාභ අපේක්ෂාවෙන් බවටද චෝදනා එල්ල වනවා.

කෙසේවෙතත් child care මධ්‍යස්ථාන හිමිකරුවන් අවධාරණය කර ඇත්තේ ඉහළ යන උද්ධමනය – කුළී ගාස්තු සහ ආහාර වියදම් හමුවේ මෙලෙස ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »