Search

චීනය තර්ජනයක් බවට විශ්වාස කරන ඔස්ට්‍රේලියානුවන් අඩුවෙයි

චීනය, ඔස්ට්‍රේලියාවට තර්ජනයක් බවට විශ්වාස කරන ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රතිශතය තරමක් පහළගොස් තිබෙනවා.

වත්මන් ලේබර් පක්ෂ රජය විසින් චීනය සමග වන සබඳතා නැවතත් ශක්තිමත් කරගැනීමට උත්සාහ දැරීම ඊට හේතුවයි.

2021 වසරේදී ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 63 ක් චීනය තර්ජනයක් ලෙස සළකා ඇති නමුත් මේ වනවිට එම ප්‍රතිශතය සියයට 56 ක් දක්වා අඩු වී තිබෙනවා.

කෙසේවෙතත් ඉදිරි වසර 20 තුළදී චීනය ඔස්ට්‍රේලියාවට ආරක්ෂක තර්ජනයක් වනු ඇතැයි සළකන පිරිස සියයට 75 ක් වැනි ඉහළ අගයක් ගන්නා බවයි මෙම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

සෙසු රටවලින් ඔස්ට්‍රේලියාවට එල්ල වන සයිබර් ප්‍රහාර ඉදිරි වසර 10 තුළදී දැඩි තර්ජනයක් වනු ඇති බවට අදහස් දක්වා ඇති පිරිස සියයට 68 ක්.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »