දන්ත රෝග ආශ්‍රිතව රෝහල්ගතවන ඔස්ට්‍රේලියානුවන් 83,000 කින් ඉහළට

දන්ත රෝග ආශ්‍රිතව රෝහල්ගතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ජීවන වියදම ඉහළයාම හමුවේ දන්ත වෛද්‍යවරුන් හමුවීම සඳහා වන වේලාවන් වෙන් කරවා ගැනීම් අවලංගු කිරීම් වැඩිවීම හමුවේ දන්ත සෞඛ්‍යය පිරිහීම් ඉහළයාම ඊට හේතුවයි.

මේ අනුව වළක්වාගතහැකි දන්ත රෝග දරුණු අතට පත්වීම හමුවේ රෝහල්ගත වන පුද්ගලන් සංඛ්‍යාව 83,000 කින් පමණ ඉහළගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සාමාන්‍ය දන්ත පරීක්ෂාවක් සඳහා වන ගාස්තු මේ වනවිට ඩොලර් 162 ත් 309 ත් අතර පවතින බව සඳහන්.

එමෙන්ම සම්පූර්ණ දන්ත හුවමාරුවක් සඳහා ඩොලර් 1,678 ක මුදලක් වැයවන බවටයි තක්සේරු කර ඇත්තේ.

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »