අත්ලාන්තික් සාගරයේ ගිලූණු ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන් වූ සබ්මැරීනය සොයා කෙරෙන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
ඒ සදහා යොමුකළ පරීක්ෂණ උපකරණයක නෞකාවේ සුන්බුන් සහ සබ්මැරීනය ගමන් කළ බව කියන ප්‍රදේශය අතරින් යම් ශබ්දයක් සටහන්ව ඇති බව සඳහන්.
ඒ පිළිබදව පර්යේෂණ කණ්ඩායම්වල අවධානය යොමුව තිබෙනවා.
කෙසේ වෙතත් සබ්මැරීනය තුල ඔක්සිජන් ඉතිරිව ඇත්තේ තවත් පැය 40 කට අඩු කාලයක් සදහා පමණයි.
බ්‍රිතාන්‍යය බිලියනපති ව්‍යාපාරිකයෙකු වන 58 හැවිරිදි හේමිෂ් ගාඩින්ග්, සබ්මැරිනය අයත් ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා, පකිස්ථානයේ ධන කුවේරයෙකු වන ෂෂාඩා ඩවුඩ් සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු පිරිසක් මෙහි ගමන් කර ඇති බවයි වාර්තා වූයේ.