සිඩ්නි – කැන්බරා සිසිල් කාළගුණය වසර ගණනක වාර්තා බිඳහෙළයි

වසර 13 කට පසු ජූනි මාසයේ දිනයක සිඩ්නි නගරයෙන් වාර්තා වූ අවම උෂ්ණත්වය අද දිනයෙදී සටහන් වී තිබෙනවා.

අද පෙරවරුවේ සිඩ්නි නගරයේ උෂ්ණත්වය සටහන් වී ඇත්තේ සෙල්සියස් අංශක 5.2 ක් ලෙසයි.

ටස්මේනියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලද සාමාන්‍ය උණුසුමට වඩා අඩු උෂ්ණත්වයක් අද දිනයේදී වාර්තා වී ඇති බව කාළගුණ දත්තවල සටහන් වනවා.

මේ අතර කැන්බරා නුවර අද පෙරවරුවේ උෂ්ණත්වය සටහන්වී ඇත්තේ අංශක සෘණ 7.2 ක් ලෙසයි.

එය 2018 වසරෙන් පසු වාර්තා වූ අඩුම උෂ්ණත්වය මෙන්ම 1986 වසරෙන් පසු ජූනි මාසයේ දිනයක සටහන් වූ අඩුම උෂ්ණත්වයද වනවා.

මේ අතර දකුණු ඔස්ට්‍රේලියා ඇතුලු ප්‍රාන්ත කිහිපයක හෙට සිට වර්ෂා තත්වයේ වැඩිවීමක්ද අපේක්ෂා කෙරෙනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »