
පුහුණු ශ්‍රමිකයන් සඳහා ස්ථිර පදිංචිය ලබාදීමේ ක්‍රමවේදය තවත් සරළ කිරීමට නවසීලන්ත රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව වසරකදී රැකියා වීසා පිරිනමන පුහුණු ශ්‍රමිකයන් සංඛ්‍යාවේ උපරිම අගයක් බලාත්මක වන්නේ නැහැ.
පුහුණු ශ්‍රමිකයන්ගේ උග්‍ර හිගයක් පවතින රැකියා ක්ෂේත්‍රවල නිපුණතාවය සහිත පුද්ගලයන්ට එරට ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කිරීම මේ යටතේ පහසු කර තිබීම විශේෂත්වයක්.

කෙසේවෙතත් ඔවුන්ට ඒ සඳහා පිළිගත් සේවා යෝජකයකුගෙන් රැකියා කොන්ත්‍රාත්තුවක් තිබිය යුතු අතර නිසි සුදුසුකම්ද සපුරාලිය යුතුයි.
වයස – ඉංග්‍රීසි භාෂා නිපුණතාවය සහ යහපත් චරිත ලක්ෂණ වැනි සෙසු කොන්දේසිද ඔවුන් විසින් සම්පූර්ණ කර තිබීම අනිවාර්ය බව නවසීලන්ත රජය නිවේදනය කරනවා.

මේ පිළිබඳ වැඩි විස්තර – https://www.beehive.govt.nz/release/simplified-path-residency-skilled-workers