NSW සියලු බස් රථවල Seat belts අනිවාර්ය කරන්න යයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මගී ප්‍රවාහන බස් රථවල ආසන පටි පැළඳ සිටීම අනිවාර්ය කිරීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.

10 දෙනෙකුට මරු කැඳවමින් සතියකට ඉහතදී සිදුවූ දරුණු අනතුර ඊට ආසන්නතම හේතුව ලෙසයි සැළකෙන්නේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් මේ සම්බන්ධයෙන් සමාලෝචන වාර්තාවක් කැඳවා ඇති අතර එහි නිර්දේශ අතරට මෙම යෝජනාවද ඇතුළත් වනු ඇති බව සඳහන්.

දැනට නිවු සවුත් වේල්ස් හි ආසන පටි පැළඳීම අනිවාර්ය වනුයේ coach ඝනයට සැළකෙන බස් රථ සඳහා පමණයි.

දැනට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්මත වුවහොත් මගී ප්‍රවාහන බස් රථ – පාසල් සිසුන් ප්‍රවාහන බස් ඇතුලු සියලු බස් රථවල ආසන පටි පැළඳීම අනිවාර්ය වනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »