Search

මෙල්බන් හි නීතිවිරෝධී ලෙස පැවැත්වූ වෙරළ​ සාදයක් පොලීසිය විසින් නැවැත්වීමට පියවර​!

මෙල්බන් හි නීතිවිරෝධී ලෙස පැවැත්වූ වෙරළ​ සාදයක් පොලීසිය විසින් නැවැත්වීමට පියවර​!

Illegal beach party shut down as revellers are seen breaking COVID rules!

මෙල්බර්න් හි ගිනිකොන දෙසින් පිහිටි හුදෙකලා වෙරළ තීරයක් වන Black Rock හි 100 කට අධික පිරිසක් රැස් වී ඇති බවට​ ඊයේ සමාජ ජාලයෙහි වාර්තා වූ අතර මේ පිරිස විසුරුවා හැරීමට වික්ටෝරියානු පොලීසිය කටයුතු කලේය​.

පැමිණ සිටි අය මුහුණු ආවරණද පැළඳ නොසිටි අතර ඔවුන් එකිනෙකා ඉතා සමීපව විනෝද වෙමින් සිටි බවට එම සමාජ ජාලා වීඩියෝ පටවලින් පෙනී යයි. 

පසුව වික්ටෝරියා පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ සාදය වසා දමන ලදී. පිරිස ඉදිරියට ගෙන ගිය නමුත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන දඩ මුදල් නිකුත් කර නැත.

වර්තමානයේ වික්ටෝරියා හි උපරිම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකුට පිටත රැස්වීමට අවසර දී ඇති අතර මුහුණු ආවරණ අනිවාර්ය වේ.

(7News)

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »