ඔස්ට්‍රේලියානුවන් අතර අතිශය ජනප්‍රිය fantales නිෂ්පාදනය නවතී

වසර 93 කට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියානු වෙළඳපොළේ අතිශය ජනප්‍රිය රසකැවිලි විශේෂයක් වූ fantales නිෂ්පාදනය අත්හිටුවීමට නෙස්ලේ ඔස්ට්‍රේලියා සමාගම තීරණය කර තිබෙනවා.

එහි අලෙවිය මෑතකාලීනව සීඝ්‍රයෙන් පහළයාම මෙන්ම නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර පැරණි වීමයි ඊට හේතුව වන්නේ.

1930 වසරේදී පළමු වරට ඔස්ට්‍රේලියානු වෙළඳපොළට හඳුන්වාදෙනු ලැබූ මෙය කුඩා ළමුන් පමණක් නොව වැඩිහිටි පිරිස අතරද අතිශය ජනප්‍රියව පැවතුණා.

මේ අතර නිෂ්පාදන අත්හිටුවන බවට කල දැනුම්දීමත් සමග අවසාන fantalesතොග මිළදී ගැනීමට ඔස්ට්‍රේලියානුවන් අතර දැඩි උනන්දුවක් පවතින බව සඳහන්.

https://www.9news.com.au/national/nestls-fantales-iconic-australian-chocolate-discontinued-due-to-declining-sales/e2ff7dc7-0297-4306-9513-5549c3ecf656

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »