
බර්මිංහැම් නුවර පැවති අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 02 ක ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා.
එංගලන්තය පළමු ඉණිම වෙනුවෙන් ළකුණු 393 ක් සහ දෙවන ඉණිම වෙනුවෙන් ළකුණු 273 ක් රැස් කලා.
ඔස්ට්‍රේලියාව පළමු ඉණිම සඳහා ළකුණු 386 ක් රැස් කල අතර තරගය ජයගැනීමට ඔවුන්ට දෙවන ඉණිමේදී හිමිවූ ඉලක්කය ළකුණු 281 ක්.

කඩුලු 08 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමටයි ඔස්ට්‍රේලියා ක්‍රීඩකයන් සමත්වූයේ.
තරගයේ වීරයා ලෙස ඔස්ට්‍රේලියා ක්‍රීඩක උස්මන් ක්වාජා නම් කෙරුණා.

අලුබඳුන දෙවන ටෙස්ට් තරගය ලබන 28 වනදා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.