ACT අවුරුදු 15 ට වැඩි සිසුන්ගේ කියැවිම පහළට

ACT ප්‍රාන්තයේ වයස අවුරුදු 15 ට වැඩි සිසුන් අතුරින් සෑම 03 දෙනෙකුගෙන් අයෙකුම ජාතික කියැවිමේ සම්මත අගයට වඩා පහළින් පසුවන බව අනාවරණය වී තිබෙනවා.

මෙය වසර 20 කට පෙර පැවති තත්වය හා සැසඳීමේදී අයහපත් ප්‍රවණතාවයක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙම තත්වය වැඩි දියුණු කිරීම සඳහා ACT ප්‍රාන්ත රජය විසින් වහා පුලුල් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ගුරු සංගම් විසින් අවධාරණය කරනවා.

එසේ නොවුණහොත් ඔස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා නගරය අයත් ACT ප්‍රාන්තයේ අධ්‍යාපනික මට්ටම කඩා වැටෙනු ඇති බවටයි ඔවුන් අනතුරු අගවා සිටින්නේ.

https://www.abc.net.au/news/2023-06-19/calls-overhaul-literacy-teaching-with-canberra-students-behind/102494630

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »