ක්‍රීඩා කණ්ඩායම් සහ සුරතල් සතුන් නිසා ඔස්ට්‍රේලියානුවන්ගේ Passwords සොරකම් ඉහළට

ඔස්ට්‍රේලියානුවන් අතුරින් 1/10 ක් පමණ සිය බැංකු සහ සමාජ මාධ්‍ය ගිණු්ම්වල මුරපදය (password) ලෙස යොදාගනු ලබන්නේ ඔවුන්ගේ ප්‍රියතම ක්‍රීඩා කණ්ඩායමේ නාමය බවට තහවුරු වී තිබෙනවා.

YouGov සහ Telstra ආයතන විසින් සිදුකර ඇති සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ ඔවුන් පිලිබඳ හොඳින් දන්නා පුද්ගලයන්ට එවැනි ගිණුම්වලට අනවසරයෙන් පිවිසීමට ඒ හරහා වැඩි ඉඩක් නිර්මාණ වන බවයි.

සියයට 78 කට ආසන්න පිරිසක් තමන්ගේ සියලුම ගිණුම් සඳහා යොදාගනු ලබන්නේ එකම මුරපදයක් බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

සියයට 20 ක් පමණ තම සුරතල් සතුන්ගේ නාමයද – සියයට 17 ක් පමණ තමන්ගේම නම ද ඒ සඳහා භාවිත කරන බවද සඳහන්.

ඔස්ට්‍රේලියානුවන් අතුරින් මිලියන 1.5 ක් පමණ සිය මුරපද සොරාගැනීමට පහසු ආකාරයෙන් භාවිත කරන බවත් මිලියන 1.2 ක් පමණ සිය පසුම්බියේ එය තබාගන්නා බවත් අනාවරණය වී තිබෙනවා.

මෙවැනි ක්‍රියා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මූල්‍ය වංචාවලට ලක්වීම ඉහළ අගයක පවතින අතර පසුගිය වසරේදී ඩොලර් මිලියන 194 ක මුදලක් එලෙස ඔවුන් විසින් අහිමි කරගෙන තිබුණා.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »