
ඔස්ට්‍රේලියානුවන් අතුරින් 1/10 ක් පමණ Tax return අයදුම් කිරීමේදී අසත්‍ය තොරතුරු ලබාදී ඇති බව අනාවරණය වී තිබෙනවා.
Finder ආයතනය විසින් සිදුකර ඇති සමික්ෂණයක දැක්වෙන්නේ සියයට 04 ක් පමණ සෑම වසරකදීම සහ තවත් සියයට 04 ක් ඇතැම් විට වැරදි තොරතුරු ලබාදෙන බවයි.
මින් බහුතරයකට එල්ල වී ඇති චෝදනාව වන්නේ අමතර ආදායම් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට අපොහොසත්වීමයි.

වාර්ෂික ආදායම ඩොලර් ලක්ෂයට වැඩියෙන් උපයන පුද්ගලයන් අතුරින් සියයට 14 ක්ද ඩොලර් ලක්ෂයට අඩුවෙන් ආදායම් උපයන පුද්ගලයන් අතුරින් සියයට 12 ක්ද මෙලෙස අසත්‍ය තොරතුරු සපයා ඇති බව සඳහන්.
ඔස්ට්‍රේලියානු නීතියට අනුව බදු කාර්යාලයට අසත්‍ය තොරතුරු දීම වසර 10 ක උපරිම සිර දඩුවමක් සහ ඉහළ දඩයකට යටත්වීමට සිදුවන අපරාධමය වරදක් ලෙසයි සැළකෙන්නේ.
