Search

ඔස්ට්‍රේලියා පුද්ගලික ආරක්ෂක අංශ සාමාජිකයන් ඉතිහාසයේ ඉහළම අගයට

ඔස්ට්‍රේලියාව තුළ ලියාපදිංචි පුද්ගලික ආරක්ෂක අංශ සාමාජිකයන් සංඛ්‍යාව ඉතිහාසයේ ඉහළම අගය සටහන් කර තිබෙනවා.

පසුගිය වසර 10 ත් 15 ත් අතර කාලයේදී එය කැපී පෙනෙන ලෙස ඉහළගොස් ඇති අතර මේ වනවිට එම සංඛ්‍යාව පවතින්නේ 155,000 ක් ලෙසයි.

පාසල් සහ මහජන පුස්තකාල වැනි ආයතන රැසකට මේ වනවිට යොදවා ඇත්තේ පුද්ගලික ආරක්ෂක අංශ සාමාජිකයන් බව සඳහන්.

බීමත්ව කළහකරන්නන් පාලනය මෙහි මූලික අපේක්ෂාව වන බවටයි හඳුනාගෙන ඇත්තේ.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාව තුළ පුද්ගලික ආරක්ෂක අංශ සාමාජිකයන් 8,000 කගේ පමණ හිගයක් තවදුරටත් පවතින බවටද තහවුරු කරගෙන තිබෙනවා.