NSW කැසිනෝ බදු ඉහළ නැංවීම කල් යයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කැසිනෝහල් වෙතින් අය කෙරෙන බදු ලබන ජූලි පළමුවනදා සිට ඉහළ නැංවීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම මාසයකින් ප්‍රමාද කර තිබෙනවා.

නව බදු ප්‍රතිශත සඳහා මෙතෙක් අදාළ බළධාරීන්ගෙන් අනුමැතිය නොලැබීමයි ඊට හේතුව වන්නේ.

වසර 03 ක කාලයක් තුළදී ක්‍රවුන් සහ ස්ටාර් යන ප්‍රධාන කැසිනෝහල් වෙතින් ඩොලර් මිලියන 364 ක බදු මුදලක් ලබාගැනීමයි නව බදු සංශෝධනයේ ප්‍රධාන අරමුණ වන්නේ.

කෙසේවෙතත් මෙලෙස අති විශාල බදු මුදලක් අය කිරීම හරහා කැසිනෝහල් වෙත පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව අඩුවිය හැකි බවටද විද්වතුන් අනතුරු අගවනවා.

https://www.abc.net.au/news/2023-06-20/nsw-budget-update-star-casino-taxes/102498686

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා මර්ෆි සොයන්න ගිය පොලිසියට නොසිතූ දෙයක් හමුවෙයි

බැලරට් ප්‍රදේශයෙන් අතුරුදන් වූ සමන්තා මර්ෆි සොයා අද ආරම්භ වූ විමර්ශනයේදී බැලරට් නගරයට ආසන්න ප්‍රදේශයේ වේල්ලක් අසල තිබී දුරකථනයක් ලෙස සැක කෙරෙන උපකරණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »