Search

වික්ටෝරියා අපරාධකරුවන්ට ඇප ගැනීම සීමා කරන්න යයි

PRISON

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධකරුවන්ට ඇප අයදුම් කිරිමේ කොන්දේසි සංශෝධනය කිරීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ මිනිස් ඝාතන චෝදනාවකට වරදකරු වූ තැනැත්තෙකු ඇප අයදුම්කර ප්‍රතික්ෂේප වීමෙන් පසු නැවතත් වසර 05 ක් යනතුරු එම අවස්ථාව ඔහුට හෝ ඇයට නොලැබෙන පරිදි මෙම සංශෝධනය ගෙන එන බවයි.

එමෙන්ම සිර දඩුවම නියමවී ඇප අයදුම්කල හැකි කාල සීමාව දීර්ඝ කිරීමටද ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.

පුනුරුත්ථාපන වැඩසටහන් සඳහා නිසි පරිදි සහභාගී නොවන සිරකරුවන්ට ඇප අයදුම් කිරීමේ අවස්ථා සීමා කිරීමටද අපේක්ෂා කරන බවයි වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ.

වික්ටෝරියාවේ අපරාධ සංඛ්‍යාව ඉහළයාමත් අපරාධවල වින්දිතයන්ට වැඩි ආරක්ෂාවක් සැළසීමත් අරමුණු කරගෙනයි ප්‍රාන්ත රජය විසින් මෙම සංශෝධන හඳුන්වාදීමට සූදානම් වන්නේ.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »