ටයිටැනික් බලන්න ගිය බ්‍රිතාන්‍ය බිලියනපතියෙකු ඇතුලු 05 ක් සමග සබ්මැරීනයක් අතුරුදන්

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් ගමන්ගත් සබ්මැරීනයක් අතුරුදන් වී තිබෙනවා.

එය සෙවීම සඳහා අමෙරිකානු සහ කැනඩා වෙරළාරක්ෂක බළකා විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බව සඳහන්.

අත්ලාන්තික් සාගරය තුළ අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45 කින් පමණ එහි සබඳතා ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු සංචාරක සමාගමකට අයත් සබ්මැරිනයකින් කපිතාන්වරයාද ඇතුලුව පුද්ගලයින් 05 දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව සිට තිබෙනවා.

ඒ අතර ප්‍රකට බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙකු වන 58 හැවිරිදි අයෙකුද වන බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

මෙම සංචාරයේ ප්‍රවේශ පත්‍රයක් අමෙරිකානු ඩොලර් 250,000 ක් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ සබ්මැරීනය තුළ දින 04 කට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් පවතින බැවින් එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් නිරුපද්‍රිතව බේරා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය සඳහන් කළේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »