පිහි වැනි තියුණු ආයුධ සම්බන්ධ නීති දැඩි කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඇතැම් වැරද සඳහා දැනට පවතින දඩුවම දෙගුණ කිරීමට අදාළ නීති සංශෝධනයක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
ප්‍රසිද්ධ ස්ථානයක හෝ පාසලක තියුණු ආයුධයක් තබාගෙන සිටීම අපරාධ පණත යටතට ගැනෙන වරදක් බවට පත්කිරීමද මේ යටතේ සිදුවනවා.
ඒ අනුව දැනට වසර 02 ක් ලෙස පවතින සිර දඩුවම් කාලය වසර 04 දක්වා ඉහළ දැමෙනු ඇති.
එම වරදට දැනට පවතන සාමාන්‍ය පිහියක් සඳහා වන ඩොලර් 2,200 ක දඩය ඩොලර් 4,400 දක්වා වැඩි කිරීමටත් – වැඩි දියුණු කරන ලද පිහියක් සඳහා වන දඩය ඩොලර් 11,000 දක්වා ඉහළ දැමීමත් ඒ යටතේ යෝජනා කර තිබෙනවා.