
ඔස්ට්‍රේලියාවේදී අධ්‍යයන පාඨමාලාව සම්පුර්ණ කළ හෝ ඉදිරියේදී සම්පූර්ණ කිරීමට අපේක්ෂාවෙන් සිටින ජාත්‍යන්තර සිසුන් සඳහා වන වීසා කොන්දේසි කිහිපයක් ලබන ජූලි 01 වනදා සිට වෙනසකට ලක්වනවා.
ඒ අනුව Temporary Graduate වීසා බලපත්‍රයක් (Subclass 485) සඳහා අයදුම් කිරීමේදී අවශ්‍යතා කිහිපයක් වෙනස් වන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
Graduate Work stream හරහා යොමු කරන Temporary Graduate වීසා බලපත්‍ර (Subclass 485) සඳහා පමණක් මෙම නව නීති අදාළ වනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කටයුතුවලට අදාළ skilled occupation ලැයිස්තුවේ ඇති රැකියාවකට අදාළ අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතු වනවා.
485 වීසා සඳහා අයදුම් කරන විට අදාළ රැකියාව නම් කළ යුතු අතර අයදුම් කිරීමෙන් පසු නම් කරන රැකියාව වෙනස් කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

නම් කරන ලද රැකියාව සඳහා සුදුසු ලෙස කුසලතා අදාළ තක්සේරු කිරීමේ අධිකාරියක් විසින් තක්සේරු කළ යුතුයි.
ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ලබාගෙන සිටියදී ඔස්ට්‍රේලියාවේදී ලබාගත් සුදුසුකමක් මත කුසලතා තක්සේරු කරන්නේ නම්, එම සුදුසුකම CRICOS හි ලියාපදිංචි වූ පාඨමාලාවක් හැදෑරීම විය යුතුවීම තවත් කොන්දේසියක්.
එමෙන්ම අවම වශයෙන් නිපුණතා තක්සේරුවක් සඳහා ඉල්ලූම් කර ඇති බවට හෝ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට සාක්ෂි ඉදිරිපත් කළ යුතු වනවා.
2022 ජූලි 01 සහ 2023 ජූනි 30 අතර ඉදිරිපත් කරන ලද අයදුම්පත් සඳහා මෙම වෙනස්කම් බලාත්මක නොවන බවත් මෙම අවශ්‍යතාවය 2023 ජූලි 01 හෝ ඊට පසුව ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා පමණත් අදාළ වන බවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
CREDIT – SBS